(තුසිත කුමාර ද සිල්වා)
කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථයකින් කේරල ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් (02) පස්වරුවෙදී අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි.
බුද්ධි නිලධාරින්ගෙන් ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් දර්ගා නගරයේ අඹගහහන්දියේ රැක සිට මතුගම දෙසින් පැමිණි ත්‍රි රෝද රථය නවතා එය පරික්‍ෂා කර ඇතත් මත්කුඩු සොයාගැනිමට නොහැකිව ඇත.
පසුව සැකකරුගේ කමිසය ගලවා පරික්‍ෂා කිරීමේදී බැනියම සහ කමිසය අතර සොපින් කවරයක බහා සගවාගෙන සිටි කේරල ගංජා ග්‍රෑම් 100 ක් සොයාගෙන ත්‍රිරෝද රථයද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙසේඅත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිපැන්න බොන්දුපිටියේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය කියයි. සැකකරු කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
කඵතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න සහ කලුතරකොට්ඨාස භාර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස සහ නිශාන් සිල්වාඅලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂකඅශෝක කරුණාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි දුෂණ මර්ධන අංශ ස්ථානාධිපති උප පොලිස් පරික්‍ෂක රාජිත ගුරුසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන් 6512 අජිත් කොස්තාපල් වරුන්වන 78651 ප්‍රසාද් යන නිලධාරින් වැටලිමට එක්වුහ.