කුරුණැගල වැවිලි සමාගමෙන් කෝටි 31ක පොල්ලක්


(ජේ.කේ.එල්. චාමින්ද)

කුරුණෑගල වැවිලි සමාගමෙන් හිඟ  බදු මුදල් වශයෙන් රුපියල්  312,737,974 ක මුදලක් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට අයවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි  ඇත.

2024 වර්ෂයේ අප්‍රේල් මස 30 වැනිදිනට මෙම හිග බදු මුදල අයවිමට තිබුණි.

1992 වර්ෂයේ දි   වසර 53ක කාලයක් සදහා  බදු කුලි පදනම මත  රජයේ ඉඩම් මෙකි ප්‍රා දේශිය වැවිලි සමාගමට පවරා දි තිබුණි.

කුරුණැගල වැවිලි සමාඟමෙන්  හිග බදු කුලි වශයෙන් රුපියල් එක්කෝටි,තිස්හත්ලක්ෂ ,හැටනමදහස්, හත්සියපනහක  (13,769,750)  මුදලක්  අයකරගෙන ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් විගණනයට සදහන් කොට තිබුණි.

හිග බදු හා වාර්ෂික බදු ආදායම  නියමිත පරිදි අයකරගැනිමට  විධිමත් පියවරගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.