(ගයාන් සූරියආරච්චි)
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන පානදුරේ සළිදු හෙවත් කුඩු සළිදු විවිධ පුද්ගලයන්ගේ නම්වලින් බැංකු ගිණුම් 48 ක් පවත්වාගෙන ගොස් ඇති බවත් වසර තුනක් ඇතුළත රුපියල් කෝටි 106 ක් එම ගිණුම්වල සංසරණය වී ඇතිබවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පැවැසීය.
සළිදු නැමැත්තා සතුව සුඛෝපබෝගී වාහන 79 ක් තිබෙන බවත් ඒවායේ අංක තහඩු වෙනස්කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය වී ඇති බව තෙන්නකෝන් මහතා කීය.
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදන ජාවාරම්කරුවන් 4500 කගේ නම් ඇතුළත් ලැයිස්තුවක් සකස් කර මේවන විට ඒ ඒ ප්‍ර දේශවල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට බාර දී ඇති බව වැඩබලන පොලිස්පතිවරයා කීය

