කුඩු මුදලාලිලා පෝරකයට නංවන දිනය ළඟයි


(එස්. බාලසූරිය සහ සූජිව සමරක්කොඩි)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවනට මරණීය දණ්ඩනය දීමේ තීරණය ළඟදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  මාතරදී අද (30) පැවැසීය.

මතින් නිදහස් රටක් යන තේමාව යටතේ මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගනයේ අද පැවැති මත්ද්‍රව්‍ය නිවාරණ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපතිවරයා එසේ කීය. 

ජනාධිපතිවරයා මෙසේ ද කීය.

මත්ද්‍රව්‍ය මර්දනය සඳහා ගෙන යන වැඩපිළිවෙළේ දුර්වලතා හඳුනාගෙන එය ශක්තිමත් කළ යුතුයි.  මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව පණිවිඩය සමාජයට ගෙන යාමට හොඳම පුද්ගලයා පාසල් දරුවායි. 

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් ආණ්ඩු පෙරළනවා රටවල් විනාශ කරනවා.ඔවුන් මොන මුහුණුවරින් පෙනී සිටියත් සමාජයට කරන්නේ බරපතල ව්‍යසනයක්.ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු කොළඹ මූලස්ථානයේ තමයි මේ රටේ ඓතිහාසික උරුමයන් වන වසර දහස් ගණනක් අප විසින් ආරක්ෂා කළ සුරක්ෂිත කළ කාටවත් නොදුන් ලියකියවිලි තියෙන්නේ.

පසුගිය දවස්වල එම දෙපාර්තමේන්තුව රජයේ කිසිම අනුදැනුමක් නැතුව, කිසිම එකඟතාවක් අනුමැතියක් නැතිව විදේශ රටකට ඒ සියල්ල දීලා. ඒ නියෝජිතයා ඇවිත් ඒ සියල්ල පොටෝ කොපි කරගෙන, ස්කෑන් කරගෙන විදේශයකට අරන් ගිහින් යැයිද ජනාධිපතිවරයා කීය.