කුඩු කිලෝ 13ක් සමග හයක් සැකපිට


(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජාඇල නිවන්දම ප්‍රදේශයේදී අයිස්  මත්ද්‍රව්‍ය කිලෝ 13 ක් සමග සැකකරුවෝ 6 දෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට ගත් හය දෙනා අතර කාන්තාවන් දෙදෙනකු ද සිටින බව පොලීසිය පවසයි .

කුඩා ප්ලාස්ටික් පෙට්ටි තුළ අසුරා තිබූ මෙම අයිස් මත්ද්‍රව්‍ය පාසල් බෑග් දෙකක් තුළ සඟවා තිබූ බවද පොලීසිය පවසයි .