(ලක්මි කුඩලිගම)
බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ කුඩලිගම මහා විද්‍යාලයේ ශාලාවක් මතට අද (25) උදෑසන ගසක් කඩා වැටීමෙන් එම ශාලාවේ වහලට හා සෙවිලි තහඩුවලට දැඩි හානි සිදුව තිබේ.
අද දින පාසල් නිවාඩු දිනයක් වීම හේතුවෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් වැළකී ගොස් ඇති අතර මේ අනතුර පාසල් දිනයක සිදුවූවානම් දරුවන් විශාල පිරිසන් තුවාල ලබන්නට ඉඩ ඇතැයි දෙමාපියන් පවසති.
කුඩලිගම මහා විද්‍යාලයේ ගොඩනැගිලි අවට අවදානම් තත්ත්වයේ විශාල ගස් රාශියක් දක්නට ලැබෙන අතර එම ගස් ගොඩනැගිලි වහලය ආසන්නයට පහත් වී ඇති බවද ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.
ඒ අනුව සිදූවූ අනතුරත් සමඟ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අධ්‍යාපන බලධාරීන් මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතුයැයි ප්‍රදේශවාසීන් පවසති.