
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
යම් කෙටි කලක් සඳහා කීරි සම්බා ආදේශන සහල් ආනයනය කරන්න වුනොත් එය කරන්නට සිදු වෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
රටේ සියයට 18 ක් විතර පරිභෝජනයට ගන්නේ කීරි සම්බා. නමුත් නිෂ්පාදනයේ තියෙන්නේ සියයට 15ක් විතරයි. සීයට හතරක විතර හිඟයක් තිබෙනවා. ඒ වෙළඳපොළ හිඟය පාවිච්චි කර මහ මෝල් හිමියන් විසින් යම් පාලනයක් මිල වැඩි කිරීමක් කරන්න හදනවා. එම වී වගා කිරීම වැඩි කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යංශය උපදෙස් දී තිබෙනවා යනුවෙන්ද වසන්ත සමරසිං මහතා කීය.

