කිව්.ආර්. නියමු ව්‍යාපෘතිය පරික්ෂා කිරීම අරඹයි


(යොහාන් භාසුර)

බලශක්තිය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ජාතික ඉන්ධන බලපත්‍රය අනුව ඉන්ධන ලබාදීමේ නියමු ව්‍යාපෘතිය අද (21) පෙරවරුවේ කොළඹ නගර සීමාවේ ඉන්දන පිරවුම්හල් 5 ක් යොදාගනිමින් ආරම්භ විය.

ඒ අනුව එම ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගැනීමේදී කිව්.ආර්. සංකේතය සහ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම පරික්ෂා කරන බවද බලශක්ති අමාත්‍යාංශය පවසයි.