
( රොමේෂ් මධුෂංඛ)
මෙවර මහකන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සඳහා සූදානමින් සිටින කිලිනොච්චියේ ගොවීන්ගේ ගොවිතැන්වලට ජලය රැගෙන යන ඇළ මාර්ග පිළිසකර කිරීමට යුද හමුදාවේද සහය ලබා දීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.
කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ මහතාගේ උපදෙස් පරිදි 65 වන සේනංකාධිපති මේජර් ජෙනරල් හේමන්ත මණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් 652 වන බලසේනාවේ සෙබළු පිරිසක් විසින් කිලිනොච්චිය කොඩ්ඩෙයිකඩ්ඩයාර්කුලම් ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන ඇළ මාර්ගය පිළිසකර කිරීම සඳහා සහය දෙනු ලැබීය.
කොඩ්ඩෙයිකඩ්ඩයාර්කුලම් වැවේ ජලය කුඹුරු අක්කර 300 කට ආසන්න ප්‍රමාණයක් වෙතට ජලය රැගෙන යනු ලබ කිලෝමීටර් 2 කට අධික වූ ප්‍රධාන ඇළ මාර්ගය මෙසේ පිළිසකර කිරීම සඳහා යුද හමුදා සෙබළුන් පිරිසක්ද සහභාගී වූ අතර ඊට අමතරව ප්‍රදේශවාසී ගොවින්ද සහය ලබා දීම සිදු වූ අතර ඉදිරියේදීද මෙලෙසින් ශ්‍රමදායකත්වය යුද හමුදාවෙන් ලබා දීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.




