(ඩයනා උදයංගනී)
ත‍්‍රිකුණාමලය කින්නියා ප‍්‍රදේශයෙන් මහවැලි ගඟෙහි වැලි ගොඩදැමීම කිසිසේත්ම නොකළ යුතු බවට දක්වමින් එය අධි ආරක්‍ෂිත හා සංරක්‍ෂණ කලාපයක් ලෙස නම් කර ඇතත් එම ප‍්‍රදේශයේ අනවසර වැලි ගොඩදැමීම් බහුල වශයෙන් සිදුකෙරෙන බව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පැවසීය.
එබැවින් කින්නියා කන්දල්කාඩුල සාවාරු ආදී ප‍්‍රදේශවල නිරන්තරයෙන් වැටලීම් සිදුකරන බව කී සභාපතිවරයා ඒ සඳහා කාර්යාංශයේ ප‍්‍රමාණවත් ක්ෂේත්‍ර නිලධාරීන් නොමැති බැවින් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ත‍්‍රිවිධ හමුදාල පොලිස් විශේෂ කාර්ය බලකායේ හා පොලීසියේ සහයෝගය ලබාගන්නා බව ද සඳහන් කළේය.
ත‍්‍රිකුණාමලයල කින්නියාල කන්දල්කාඩු ප‍්‍රදේශයේ දී නාවික හමුදාව විසින් අද(30) සිදුකළ වැටලීම ද එලෙස කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත නාවික හමුදාවේ සහය ලබාගෙන ක‍්‍රියාත්මක කළ එකක් බව සභාපතිවරයා සඳහන් කළේය.
එම ප‍්‍රදේශයෙන් තව දුරටත් වැලි ගොඩදැමීම් සිදුකළහොත් ගගෙහි ඉවුරු ඛාදනය වී ගඟ පළල් වීමේ සහ මුහුදු ජලය ගං`ගාවට එක්වීමේ අවදානමක් පවතින බව ද ඉද්දවෙල මහතා කීවේය'
එසේ වුවහොත් මූතූර්වලට ජලය දෙන පොම්පාගාරයට ජලය ලබාගැනීමේ ගැටලූවක් මතුවන බව ද හෙතෙම ප‍්‍රකාශ කළේය.
සභාපතිවරයා මේ බව පැවසුවේ භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේදී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි
ත‍්‍රිකුණාමලයට අමතරව මහියංගණය හා පොළොන්නරුව ප‍්‍රදේශවලද මහවැලි ගඟ ආශ‍්‍රිත වැලි ගොඩදැමීම් බහුල වශයෙන් සිදුවන බව හෙතෙම සඳහන් කළේය.
කින්නියාහි අනවසර වැලි ගොඩදැමීම් සිදුකෙරෙන ප‍්‍රදේශ වනාන්තරවලින් ආවරණය වී ඇති නිසා කාර්යාංශ නිලධාරීන්ට තනිව එම කටයුතු කළ නොහැකි බව කී අසේල ඉද්දවෙල මහතා ඉතා සැලසුම් සහගත ජාවාරමක් ලෙස මෙය සිදුවන බැවින් නිලධාරීන් වැටලීම්වලට යන අවස්ථාවේදී ඔත්තුකරුවන් අදාළ ස්ථානවලට පණිවුඩ ලබාදී වැලි ගොඩදැමීම්වල නිරත වූවන් ඉවත් කරවීමට කටයුතු කරන බව ද කීවේය.
රට පුරා වැටලීම් කිරීමට නම් කාර්යාංශයට ෙක්‍ෂ්ත‍්‍ර නිලධාරීන් සහ සහයකයින් 300ක් පමණ අවශ්‍ය වුවත් දැනට සිටින්නේ 45ක් පමණ සුළු ප‍්‍රමාණයක් බව කී සභාපතිවරයා ඉදිරියේදී තවත් නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.