(ඉන්දිකා රාමනායක)
නීති විරෝධී ආකාරයට කොටස් එකලස් කර සෑදූ සුඛෝප භෝගි කැබ් රථ දෙකක් සමග සැකකරුවකු තිස්සමහාරාම ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු වන වන කොස්ගොඩ රණා නැමැත්තාගේ සමීපතමයකු බව පොලිසිය කියයි.
සැකකරු බාරයේ නීති විරෝධී කැබ් රථ දෙකක් ඇති බවට ලැබුණු තොරතුරු මත විශේෂ කාර්ය බළකාය විසින් මෙම කැබ් රථ දෙක අත්අඩංගුවට ගෙන තිබිණි .
සැකකරු (27) හැවිරිදි තරුණයකු වන අතර ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා තිස්සමහාරාම පොලීසියට බාර දී ඇත.

