(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු සාමාන්‍ය සේවකයන්ගේ මාසික කෑම බිල තුන් ගුණයකට ආසන්න මුදලකින් වැඩි කිරීම සම්බන්ධයෙන් එම සේවකයෝ නොසතුටට පත්ව සිටිති.
තමන්ගේ දීමනා බොහොමයක් කප්පාදු කෙරුණු වටපිටාවක කෑම බිලද එකවර මෙසේ ලොකු ප්‍රමාණයකින් වැඩි කිරීම අසාධාරණ බව ඔවුහු පෙන්වා දෙති.
පාර්ලිමේන්තු සේවකයන්ගේ මාසික කෑම බිල මෙතෙක් පැවතියේ රුපියල් 1000 ක් වශයෙනි. පාර්ලිමේන්තුවේ ගෘහකාරක සභාව ගත් තීරණය අනුව සාමාන්‍ය සේවකයන්ගේ මාසික කෑම බිල රුපියල් 3600ක් දක්වා වැඩිකර ඇත.
එසේම පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ කෑම බිලද රුපියල් 1500 සිට 4000ක් දක්වා වැඩි කිරීමට කමිටුව තීරණය කර ඇත.