කැලණිවැලි යළි හරි


(නිමල කොඩිතුවක්කු සහ මහින්ද නිශ්ශංක)

කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු යථාතත්ත්වයට පත් ව ඇති බව අතිරේක දුම්රිය සාමාන්‍යධිකාරී (මෙහෙයුම්) වී. එස්. පොල්වත්තගේ මහතා ලංකාදීපයට පැවසීය. ඒ අනුව අද පස්වරු 2.00 ට කැළණිවැලි දුම්රිය යථා පරිදි ධාවනයට පියවර ගත් බව ඒ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම, සවස් කාලයේ ධාවනය වන කාර්යාලයීය දුම්රිය ද පෙර පරිදිම ධාවනය කෙරෙන බවත් පොල්වත්තගේ මහතා පැවසුවේය.

කොළඹ කොටුව සිට කොස්ගම දක්වා ධාවනය වූ දුම්රිය බොරැල්ල කොටා පාර දුම්රිය් ස්ථානයට ආසන්නයේ දී ඊයේ (27) පස්වරුවේ පීලි පැනීමකට ලක් විය.