(මහින්ද නිශ්ශංක)
බේස්ලයින් දුම්රිය ස්ථානය ආසන්නයේ දි දුම්රියක් පිලි හානියට පත් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම හෙට දවස තුළ ද සිදු කළ යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
කොළඹ කොටුවේ සිට කොස්ගම දක්වා ධාවනය වූ එම දුම්රියේ ඇංජිම ඇතුළු මැදිරි කිපයක් පිළි පැනීමට ලක්විය. ඒ හෙතුවෙන් දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදු වූ අතර මේවන විට දුම්රිය පිළිගත කිරීම අද රාත්‍රී 9.00 පමණ වන විටත් සිදු කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් කීය.
කොටාරෝඩ් හා බේස්ලයින් දුම්රිය ස්ථාන අතර දී මෙම දුම්රිය පිළි පැන්නේය.
දුම්රිය පිළිගත කිරීම හෙට දහවල් වන විට අවසන් කර නැවත දුම්රිය ධාවනය ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද ඔහු කීහ.
මෙම පීලි පැනීම නිසා අද සවස කොළඹ සිට බේස්ලයින් මාර්ගය ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 8 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව ද දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.
මේ වනවිට දුම්රිය නිලධාරීන් හා සේවකයන් දුම්රිය පීලි ගතකිරීම සිදු කිරීමේ නියලී සිටිති.

