කැලණි සරසවියේ කුලපතිධූරය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ට


(ඩයනා උදයංගනී)

කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සඳහා කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන් පත්කර ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ද සිය නිල ෆේස් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබිණි

එහි හිටපු කුලපති, ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන් පසුගිය දා අපවත් වීම හේතුවෙන් මෙම තනතුර පුරප්පාඩු වී පැවතිණි.