(ලාල් එස් කුමාර)
කැලණිය රාජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන දුරුතු මහා පූජෝත්සවයේ අවසන් රන්දෝලි මහා පෙරහර අද රාත්‍රී වීදි සංචාරය කළේය.
කැලණිය රාජමහා විහාරාධිපති , කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති , අග්ගමහාපණ්ඩිත , මහෝපාධ්‍යාය , මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරත්තිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි ,එම පූජෝත්සවය පැවැත්වූහ .
සුභ හෝරාවට අනුව විහාරස්ථානයේ බුදු මැදුරේ , සළු පිළිම වහන්සේ අභියසදී ධාතු කරඬුව වෙත පැරණි චාරිත්‍රානුකූලව සිරිත් පිරිත් පැවැත්වීමෙන් අනතුරුව , විහාරාධිපති නාහිමියන් විසින් , ධාතු කරඬුව බස්නායක නිලමේ තැන්පත් දම්මික ආටිගල මහතා වෙත භාරදීම සිදු කළේය .
අනතුරුව දායක සභාවේ සභාපති සමන් වීරසිංහ මහතා විසින් ධාතු කරඬුව පෙරහරේ වැඩම කිරීම සඳහා කන්ඩුල හස්තිරාජයා මත විශේෂ රන්සිවිගෙයි තැන්පත් කළ අයුරු සේයාරුවේ දැක්වේ