කැබ් රථයක්-යතුරුපැදියක් ගැටීමෙන් අයකු මරුට


(අනීෂා මානගේ සහ චන්ද්‍රෙස්න ගමගේ ) 
 
වලස්මුල්ල කැලෑදෙණිය ප්‍රදේශයේදී අද (1) දහවල් කැබ් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වලස්මුල්ල පොලිසිය කියයි.
 
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 36 හැවිරිදි අයකු බව පොලිසිය කියයි.
 
බැංකුවකට අයත් බව කියන කැබ් රථයක් වලස්මුල්ල දෙස සිට වරාපිටිය දෙසට ගමන් කරමින් තිබියදී යතුරුපැදියේ ගැටී අනතුරට පත්ව ඇතැයි පොලිසිය කියයි.
 
යතුරුපැදියේ පැමිණි බව කියන අයකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමට යාමේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වලස්මුල්ල පොලිසිය කියයි. 

 ඡායාරූප - චන්ද්‍රෙස්න ගමගේ