
(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් ඉදිරිපත් කර ඇති මහ නගර සභා සංශෝධන ආඥා පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් සහ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ අනුමැතියකින් සම්මත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පනත් කෙටුම්පත මගින් දැනට විසිරුවා හැර ඇති පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් යළි කැඳවීමේ බලය විෂය බාර අමාත්‍යවරයාට ලබා දීම නීතියට පටහැනි බව පෙත්සමේ සඳහන් වේ.

