ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර කාර්යාලයක් ඉදිරිපිට සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 20 දෙනෙකු මියගොස් 15ක් පමණ තුවාල ලබා ඇත.
පොලිසිය පවසන්නේ පුපුරණ ද්‍රව්‍ය පිරවූ මෝටර් රථයක් පදවාගෙන කාර්යාලය ඉදිරිපිටට පැමිණි පුද්ගලයකු එය පුපුරුවා ඇති බවයි.
පිපිරීමෙන් පසු අවිගත් පිරිසක් කාර්යාලයට ඇතුළු වී පැය කිහිපයක් එහි රැඳී සිට ඇති අතර පසුව ආරක්ෂක අංශ ඔවුන් ඝාතනය කර තිබේ.
ඇෆ්ගනිස්ථාන ජනපති අෂ්රෆ් ගානිගේ දෙවැනියා ලෙස කටයුතු කරන අම්රුල්ලා සෙලා මහතා ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇත.
ප්‍රහාරයෙන් ඔහුට ද සුළු තුවාල සිදුවී ඇතැයි සඳහන් වේ. ගොඩනැගිල්ලේ කොටුවී සිටි 150ක පමණ පිරිසක් බේරාගෙන ඇති අතර ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැත.
දෙවතාවක් කල් දමනු ලැබූ ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණය එළඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)


