කාන්තාවක් දුම්වැටි සමඟ ගුවන්තොටේදී හසු වෙයි


 

(ටී.කේ.ජී.කපිල )

රුපියල් හැට එක් ලක්ෂ විසි පන් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති " හරිත මාවත " ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක අද(21)  උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඇය කළුබෝවිල ප්‍රදේශයේ පදිංච් 44 හැවිරිදි මැහුම් සේවිකාවකි . ඇය සිය 07 හැවිරිදි කුඩා දියණිය සමග මෙම දුම්වැටි තොගය රැගෙන විත් තිබුණේ රේගු නිලධාරීන්ගේ අවධානය වෙනස් කිරිම සදහාය .

  ඇය විසින් රැගෙන ආ ගමන් මලු 03 ක් තුළ මෙම  " විදේශීය නිෂ්පාදිත දුම්වැටි 35,000 ක් අඩංගු , දුම්වැටි කාටූන් 175 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .