කාන්තාව මරා දැමු ඇතාද මිය ගිහින්


(ප්‍රියාණි මංගලිකා )

මහව දලදාගමදී ,දින තුනකට පමණ.පෙර  කාන්තාවක් මරා දැමූ දළ ඇතාද ,මහව ගලයාය ප්‍රදේශයේදී මිය ගොස් ඇති බව මහව වනජීවි කාර්යාලය  පැවසීය.

මෙම දළ ඇතා වයස අවුරුදු 22ක් පමණ වූ උසින් අඩි හතක් පමණ වූ බවද වනජීවී කාර්යාලය පවසයි.

දළ ඇතාගේ මරණයට කුමක් හේතු වූවාද යන්න අනාවරණය කර ගැණීම සඳහා දළ ඇතා ගේ සිරුර පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති බවද නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකය  19 දා සඳහන්  කලේය.

මිය ගිය දළ ඇතා ගේ මරණය සම්බන්ධයෙන් මහව වනජීවි කාර්යාලය පරීක්ෂණ සිදු කෙරේ.