( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
මීට දින 8 කට පෙරදී මීගහතැන්න පැලවත්ත ඇළෙහි පාවෙමින් තිබියදී හමු වූ කාන්තාවගේ මරණය ඝාතනයක් බවට අනාවරණය වීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණ වල දී හමුදාවෙන් පලාගිය සෙබලෙක් අද අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස නොවිසදුණු අපරාධ ඒකකය කියයි.
මෙලෙස ඝාතනය වූයේ 49 හැවිරිදි කාන්තාවකි.
ගෙල තද කිරීම සඳහා යොදා ගත් වයරයක් පොලිසිය මගින් සොයාගෙන ඇත
ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව එම කාන්තාව පැලද සිටි රන් මාලය සහ කරාබු යුගලය සොයා ගැනීම සදහා තව දුරටත් පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි .

