
(අංජුල මහික වීරරත්න)
බස්නාහිර පළාත් පාසල් සඳහා ක්‍රිකට් උපකරණ බෙදාදීම ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී අද (6) පැවැත්විණි.
'ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවේශයන් වැඩිදියුණු කිරීම තුළින් ප්‍රාදේශීය මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට කුසලතා සහිත දරුවන් හඳුනා ගැනීම' අරමුණු කර ගනිමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක වන පාසල් ක්‍රිකට් ක්‍රීඩා සංවර්ධන වැඩසටහන යටතේ මෙම ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කෙරිණි.
ශක්තිමත් ජාතික ක්‍රිකට් කණ්ඩායමක් නිර්මාණය කිරීම සඳහා පදනමක් ගොඩනැගීමටත්, මානව සම්පත හඳුනා ගැනීම තුළින් ක්‍රිකට් ක්‍රීඩාව කර්මාන්තයක් ලෙස වර්ධනය කිරීමටත් බලාපොරොත්තු වන බව අමාත්‍යාංශය කියයි. බස්නාහිර පළාතේ තෝරාගත් නව (දැනට ක්‍රිකට් ක්‍රීඩාව නොපවතින) පාසල් 30ක් සඳහා පැති විකට්, ක්‍රිකට් ක්‍රීඩා උපකරණ ලබා දීම මෙහිදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාද බස්නාහිර පළාත් තෝරාගත් පාසල් වල විදුහල්පතිවරු ගුරුවරු සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහභාගී වූහ.





