ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් අලුත්ගම පොලිසියේ ම 5කට කොරෝනා


(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම පොලිසියේ කොවිඩ්-19 පැතිරයාම වැළැක්වීමේ ඒකකය, සෞඛ්‍ය අංශය එක්ව දර්ගා නගරයේ දී පුද්ගලයන් 100දෙනකු සඳහා සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් පොලිස් නිලධාරීන් 5දෙනකු හා සාමාන්‍ය පුද්ගලයෙකු ඇතුළු 6 දෙනෙකු එම ස්ථානයේදීම ආසාදිතයන් බව තහවුරුවී ඇතැයි අලූත්ගම පොලිසිය අද(18) පැවසීය.

මෙලෙස ආසාදිත පොලිස් නිලධාරීන් අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු වන බව අලුත්ගම පොලිස් ස්ථානාධිපති අශෝක කරුණාරත්න මහතා පැවසීය.

මෙම ආසාදිත නිලධාරීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර අතර ආශ්‍රිතයන් වන පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ද නිරෝධායනයට ලක්කර තිබේ.

මේ හේතුවෙන්අලුත්ගම පොලිස් ස්ථානය සම්පූර්ණ විෂබීජහරණය කර අනිකුත් නිලධාරීන් සියලු දෙනා වෙනුවෙන්(18) දින ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකට ලක්කරන බවත් අනතුරුව සාමාන්‍ය පරිදි පොලිස් රාජකාරි දෛනිකව සිදු කරන බවත් පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.