කළුබෝවිල පන්සලෙන් සොරාගත් බුදුපිළිමය මාතලෙන් මතුවෙයි



(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
දෙහිවල කලුබෝවිල ප්‍රතිබිම්බාරාමයේ තැන්පත් කර තිබී සොරාගත් සඳුන් දැවයෙන් නිමවා තිබූ බුදුපිළිමයක් මාතලේ අලුවිහාර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසේ සඟවා තිබියදී සොයාගත් බව දෙහිවල පොලිසිය කියයි.
 
සොරාගත් බුදුපිළිමය ප්‍රවාහනයට යොදාගත් කුඩා වෑන් රථයක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
 
මෙය වසර 400ක් පැරණි බුදුපිළිමයක් බවද පොලිසිය පවසයි.
 
බෝ මලුවේ වීදුරු කුටියක තැන්පත් කර තිබූ මෙම බුදු පිළිමය කිසියම් පිරිසක් විසින් වීදුරුකුටියේ දොර කඩා සොරාගෙන ගොස් ඇති බවට විහාරාධිකාරී මල්දෙණියේ චන්දාලෝක හිමියන් විසින් පොලිසියට දැනුම් දී තිබිණි.
 
ඒ අනුව කළ විමර්ශන අනුව  බුදුපිළිමය සොයා ගෙන ඇත.