
(විනීතා එම් ගමගේ)
විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තෙකු පමණක් නිවසේ තනිකර දමා ඔහුගේ මව නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන යාම බලධාරීන් විසින් නිරෝධායන පනත උල්ලංඝණය කිරීමක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
විශේෂ අවශ්‍යතා සහිත දරුවකු සිටින කහතුඩුවේ කාන්තාවක් නිරෝධායනයට ගෙන ගිය පසු ඇය සමග ජීවත්වූ ඇගේ ආබාධිත පුතු සියදිවි නසාගෙන තිබේ.
ළදරුවෙකු ආබාධිත අයෙකු හෝ තනිව තම කටයුතු කරගත නොහැකි අයෙකු තනිකර දමා භාරකරුවන් නිරෝධායනයට හෝ රෝහලකට රැගෙන නොයන බවත් එවැනි අවස්ථාවන්හිදී ගත යුතු පියවර නිරෝධායන නීතියේ පැහැදිලිව සඳහන් වන බවත් වෛද්‍ය හේරත් මහතා සඳහන් කළේය.
නිරෝධායනය ඉදිරියේ දී නිවෙස්වලම කිරීමට තීරණය කර ඇතත් මෙවැනි තැනැත්තන් නිවසක හුදකලාවේ තබා යා නොහැකි නිසා බවත් එවැන්නන් වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වා ගෙන යායුතු බවත් කී හේරත් මහතා විශේෂයෙන් බෝඩිම්වල රැඳී සිටින පිරිස් අවශ්‍ය අවස්ථාවල නිරෝධායනය මධ්‍යස්ථානවලට යැවිය යුතුව ඇතැයි ද කීවේය.
කහතුඩුවේ සිදුවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය සොයා බලන බවත් එවැනි වැරදි ඉදිරියේ දී සිදුවන්නට ඉඩ නොතබන බවත් හෙතෙම කියා සිටියේය.

