(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
යතුරු පැදියකින් ගමන් ගත් තරුණයන් දෙදෙනෙකු අද (8) අලුයම කහතුඩුව දියගම පාරේ දී දුරකතන කණුවක හා කොට්ටං ගසක ගැටී සිදුවූ අනතුරින් මියගිය බව කහතුඩුව පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට රිලාවල වාහන පිරිසිදු කිරීමේ ආයතනයක සේවය කරන අනුරාධපුරය, රාජාංගනය යාය 5 පදිංචිව සිටි උදය ලක්ෂාන් පියුමාල් (18) හා කහතුඩුව දියගම පාර පදිංචිව සිටි රිවිදු ප්‍රියාන් බණ්ඩාර (20) යන අයවලුන්ය.
යතුරුපැදියේ වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් කණුවේ හා කොට්ටං ගසෙහි වැදී අනතුර සිදුවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප - ශාන්ත ප්‍රදීප් කුලරත්න)



