කසිප්පු අල්ලන්න ඔරුවෙන් ගිය පොලිසියේ 4ක් වැවට වැටෙයි


(ගයාන් සූරියආරච්චි)

නීති විරෝධී මත්පැන් ජාවාරමක් පිළිබද විමර්ශනය කිරීම සදහා ධීවරයකුට අයත් ඔරුවකින් අම්පාර කොන්ඩුවටුවාන වැවෙන් එගොඩවීමට ගිය අම්පාර පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීහු හතර දෙනෙක් ඔරුව පෙරැළී වතුරට වැටීමෙන් ස්ථානාධිපතිවරයා සන්තකයේ තිබූ පිස්තෝල ගිනි අවියක් හා උණ්ඩ 10 ක් අඩංගු මැගසිනයක් වැවට වැටී ඇති බව අම්පාර පොලිසිය පවසයි.

අම්පාර කොනඩුවටුවාන වැවෙන් එගොඩ කොටසේ නීති විරෝධී මත්පැන් පෙරුම් පොළක් පවත්වාගෙන යන බවට පොලිසියට ලද තොරතුරක් මත අම්පාර පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා ඇතුළු නිලධාරීහු සිව්දෙනකු මෙම වැටලීමට සහභාගි වූහ.

එහිදී කොන්ඩුවටුවාන වැවෙන් එගොඩවීම සදහා ධීවරයකුගේ ඔරුවකින් ගමන් සිටියදී ඔරුව පෙරැළී තිබුණි.

කෙසේ වෙතත් අම්පාර නාවකි හමුදා කදුවරේ නිලධාරීහු කණ්ඩායමක් අද (13) දින වනවිටත් ගිනි අවිය සහ උණ්ඩ සොයා විමර්ශන සිදුකරණු ලබයි.

අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.