(මුදිතා දයානන්ද)
කසළවලින් විදුලිය නිපදවීම ලංකාවේ කසළ ප‍්‍රශ්නයට සාර්ථක විසඳුමක් නොවන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා අද (07) පැවසීය.
ඔහු මේ බව පැවසුයේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.
ලංකාව ඇතුලූ ආසියාතික රටවල ගෘහාශ‍්‍රිත කසළවල අධික ලෙස ජලය අඩංගුවන නිසා ඒවායින් විදුලිය නිපදවීමට අධික වැයක් දරන්නට සිදුවන බවද ඔහු පැවසීය.
එලෙස දරන්නට සිදුවන අධික පිරිවැය හේතුවෙන් අපේ රටේ කෙරවළපිටියේ හා කරදියානේ ස්ථාපිත කරනු ලබන බලාගාර දෙකෙන් ඒකකයක් රුපියල් 36කට මිලදී ගැනීමට සිදුවන බවද එය සාමාන්‍යයෙන් විදුලි ඒකකයක් මිලදි ගන්නා මිලට වඩා රුපියල් 14කින් වැඩි බවද ඔහු පැවසීය.
එම වැඩිපුර වැයවන රුපියල් 14 මහාභාණ්ඩාගාරයෙන් යෙදවීමට සිදුවීම නිසා රජයට විශාල පාඩුවක් සිදුවන බවද රූපසිංහ මහතා පැවසීය.
මෙතරම් මිලකට විදුලිය මිලදි ගන්නේද යන ප‍්‍රශ්නය නිසා කරදියාන කසල අංගනය ආශ‍්‍රිතව ඉදිවන බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ කිරීම තරමක් ප‍්‍රමාද වූ බැවින් එය අවසන් කිරිමට වසර දෙකක් පමණ ගතවනු ඇති බවත් කෙරවලපිටිය බලාගාරයේ ඉදිකිරිම් දෙසැම්බර් වල අවසන් කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් රූපසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

