කලුතර ගෙවල් බින්ද පිය පුතු මාට්ටු


( සුමිත් පොතුපිටිය )

කලුතර ප්‍රදේශයේ නිවාස බිඳුම් රැසකට සම්බන්ධ පිය පුතු දෙපළක්   අත්අඩංගුවට ගත්බව කළුතර  කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

කළුතර නාගොඩ ප්‍රදේශයේ  නිවසකට රාත්‍රී කාලයේදී ජනේලයක් කඩා ඇතුළුවූ මෙම පිය පුතු දෙපළ ලක්ෂ 15 ට ආසන්න රත්තරන් භාණ්ඩ සොරකම් කොට ඇති බව පොලිසිය කීය.

සොරකම් කල රන් හාන්ඩ  පෞද්ගලික ස්වර්ණාභරණ ආයතනයකට සහ උකස් මධ්‍යස්ථාන වලට අඩුමුදලට විකුණා තිබූ බවත් පොලිසිය කීය.