(අංජුල මහික වීරරත්න)
රටේ නැවතත් කිසිදු ලෙසකින් ජාතිවාදී යුද්ධයක් ඇතිවීමට තරුණ පරම්පරාව ඉඩ නොතබන බව බව සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා යාපනයේ දී පැවසීය.
ඉතිහාසයේ දඬු, මුඟුරු,පොලු රැගෙන උතුරට පැමිණි යාල් දේවිය අද පොත් සහ පැළ පුරවාගෙන යාපනයට පැමිණි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
සහෝදරත්වයේ දිනය වෙනුවෙන් යාල් දේවී දුම්රියෙන් යාපනයට පැමිණි සමාජවාදී තරුණ සංගමය යාපනය දුම්රිය ස්ථානයේ පැවති පිළිගැනීමකින් පසු දුම්රිය ස්ථානයට පොත්පත් ලබාදී
එහි සිට පා ගමනින් යාපනය ට්‍රිමර් ශාලාව වෙත පා ගමනින් පැමිණියේය. එහි දී සංස්කෘතික උළෙලක් පැවැත්වුණි.
යාපනය ට්‍රිමල් ශාලාවේ පැවැති උත්සවයේ දී අදාස් දක්වමින් මාජවාදී තරුණ සංගමයේ ජාතක සංවිධායක එරංග ගුණසේකර මහතා පැවසුවේ සමාජවාදී තරුණ සංගමයේ අවසාන අරමුණ වෙන්නෙ ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැංවීම බවයි.
එක අඳුරු යුගයක් අවසන් කර ජාතිවාදය මතවාදීමය වශයෙන් පරාජය කර අවසන් බවත් ජාතික සමගියේ දිශාවට ගමන් කිරීම ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැංවීමේ පෙරගමන්කරුවන් ලෙස තරුණ පරම්පරාව ඉදිරියට පැමිණිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.