කලපුවට වැටි තරුණයෙක් මියයයි


(පද්මා කුමාරී කංකානම්ගේ)

අයහපත් කාලගුණය මධ්‍යයේ​ අද 25 දින සැන්දෑවේ කල්පිටිය  කලපුවේ ධීවර රැකියාවට ගිය තරුණයෙකු කළපුවට වැටී මියගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ශෝත්තුපිටිය වාඩිය පාලකුඩාව පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි

මෙම තරුණයා සුපුරුදු පරිදි සිය ධීවර යාත්‍රාවේ නැගී තනිවම රැකියාව සඳහා පිටත්ව ගොස් ඇති අතර, අධික සුළං හේතුවෙන්  බෝට්ටුව කළපුවට පෙරලී ඇත. 

කලපුවට වැටුණු ධීවරයාගේ දේහය පසුව,ධීවරයින් විසින් සොයාගෙන ඇත.

මෘතදේහය කල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.