(ඩී.ජී.සුගතපාල)
කරාපිටිය රෝහලේ වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි දස හැවිරිදි බාල වයස්කාර දැරියකට බරපතල ලිංගික අතවර කරන ලද සැකකරුවෙකු අද (05) සවස අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ එම දැරියට යාබද ඇදේ ප්‍රතිකාර ලබමින් සිටි බාල වයස්කාර දැරියකගේ පියකු බවද පොලිසිය පවසයි.
අතවරයට පත් දැරියගේ මවට නින්ද ගොස් තිබියදි , සැකකරු දැරියට බරපතල ලිංගික අපයෝජයනයක් සිදුකර ඇති අතර පසුව එය මවට පැවසිමෙන් පසු රෝහල් නිලධාරින් විසින් රෝහල් පොලිසියට දැනුම්දි ඇත.
ඒ අනුව ගාල්ල පොලිසියේ නිලධාරි කණ්ඩායමක් ගොස් සැකකාර 39 හැවිරිදි පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත.

