කපාකොටා ඝාතනය කළ අයකුගේ සිරුරක් හමුවෙයි


(චන්ද්‍රසේන ගමගේ)

වීරකැටිය පොලිස් වසමේ  වෑකඳවල ප්‍රදේශයේදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කොට ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි.

මෙම ඝාතනය ඊයේ (19)රාත්‍රී සිදු  කරන්නට ඇතැයි වීරකැටියපොලීසිය කියයි .

මළ සිරුර  අද (20)පෙරවරු දී හමුවී තිබේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක පමණ වන අයකු බව පොලිසිය පවසයි සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.