
(නිමල් ජයරත්න)
පොළොන්නරුව ඓතිහාසික කන්දේගම ධනංජය රාජමහා විහාරස්ථානයේ ධර්ම ශාලාවට අද (8) එල්ල වු වන අලි ප්‍රහාරයකින් ධර්ම ශාලාවට දැඩි ලෙස හානි සිදු වී ඇති බව, ධනංජය රජමහා විහාරාධිපති කන්දේගම දීපවංසාලංකාර නාහිමියන් සඳහන් කරති.
මෙම විහාරස්ථානයේ සාගරමති පිරිවෙණ ක්‍රියාත්මක වන අතර, එහි දේශීය හා විදේශීය සාමණේර භික්ෂූන් වහන්සේලා 25 නමක් පමණ නේවාසිකව ඉගෙනීම් කටයුතු සිදු කරති.
විහාරස්ථානයටත් පිරිවෙන් පරිශ්‍රයටත් වරින් වර වන අලි ප්‍රහාර සිදු වූ අතර, ඒ පිළිබඳ බලධාරීන් දැනුම්වත් කළ ද මෙතෙක් කිසිදු වැඩපිළිවෙළක් සිදු වී නොමැති බව විහාරස්ථානයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා සඳහන් කරති.
යම් අවස්ථාවක මෙහි වාසය කරන කුඩා ස්වාමීන් වහන්සේලාගේ ජීවිතයකට වන අලි ප්‍රහාරයකින් හානියක් සිදු වුවහොත් එහි සම්පූර්ණ වගකීම අදාළ රාජ්‍ය ආයතන බාර ගත යුතු බව විහාරාධිපති, ආචාර්ය කන්දේගම දීපවංසාලංකාර නාහිමියෝ පවසති.


