( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අතුරු නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැඳවීම තුළින් කථානායක කරු ජයසූරිය මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් නීතීඥවරයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.
පෙත්සම්කාර අරුණ ලක්සිරි මහතා සිය පෙත්සම මගින් සිටින්නේ ඉකුත්දා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ඉකූත් දා තහනම් නියෝගයක් නිකුත් කළ බවයි.
මෙම අතුරු නියෝගය තිබියදී පාර්ලිමේන්තුව කැඳවීම තුළින් කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව ද එම පෙත්සමෙන් නීතිඥ අරුණ ලක්සිරි මහතා චෝදනා කර තිබේ.