කතානායක විශ්වාසභංගෙට සියල්ල සූදානම්: අත්සන් ගැනීම එන සතියේ


(සුජිත් හේවාජුලිගේ)

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති විශ්වාසභංග යෝජනාව මේ දිනවල සකස් කරගෙන යන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා ලංකාදීපයට අද පැවසීය.

බොහෝ දුරට එන සතියේදී ඊට මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ගැනීමට හැකි වනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව භාර නොගැනීම ඇතුළු චෝදනා ගණනාවක් මුල් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බව දයාසිරි ජයසේකර මහතා පැවසීය.

එම විශ්වාසභංග යෝජනාව භාර නොගැනීම හේතුවෙන් මැතිසබයේද පසුගිය දිනවල දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවිය.