කතට වෙඩි තැබූ වෙළඳසැල් හිමිකරු නිල්ගල වනයෙන් අල්ලයි


(ප්‍රසන්න පත්මසිරි)

බිබිල කරාඩුගල වෙඩි තැබීමට සම්බන්ධ වෙළඳසැල් හිමිකරු (58) නිල්ගල වනාන්තරයේ සැඟව සිටියදී අද (24) අත්අඩංගුවට ගත් බව කරාඩුගල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී ගිනිඅවියක් සහ පතුරොම්  කිහිපයක් සොයා ගෙන ඇත.

කරාඩුගල පිටකුඹුර හතේ කණුව ප්‍රදේශයේ දී ඊයේ (23) රාත්‍රියේදී සැකකරු කළ වෙඩි තැබීමෙන් 36 හැවිරිදි කාන්තාවක මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා බිබිල මූලික රෝහලට ඇතුළත් කර තිබිණි.

පෞද්ගලික ආරවුලක් මුල්කර ගනිමින් මෙම වෙඩි තැබීම කර ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.