(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පැමිණිල්ලක් තමන්ට වාසි සහගත වන ලෙස ඉල්ලා ගලේවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල බණ්ඩාර මහතාට රුපියල් 5000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා දීමට උත්සාහ කළේ යැයි කියන පුද්ගලයකුපොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශය විසින් ඒ මොහොතේම සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් ස්ථානාධිපතිවරයා කළ දැනුම්දීමක් අනුව මෙම පුද්ගලයා රුපියල් 5000 මුදල් නෝට්ටුව ද සමඟ සැකපිට පොලිස්බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු ගේ පුතෙක් සිදු කරගත් විවාහයක් පවුලට ගැලපෙන්නෙ නොමැති බව පවසා මේ සම්බන්ධයෙන් පැමිණිල්ල විභාග කරතමාට වාසි සහගත අයුරින්කටයුතු කර පුතා නිවසට රැගෙන යෑමට අවස්ථාව සලසා දෙන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් මෙම සැකකරු ඉල්ලීමක් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සැකකරු පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් මුදල ලබා දීමට උත්සාහ කර ඇතැයි කියන්නේ එම ඉල්ලීම ඉදිරිපත් කරමින් යැයි ද පොලිසිය සඳහන් කරයි.
සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ගලේවෙල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි.
සැකකරු සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

