ඔන්ලයින් පනතට ඒකාබද්ධ විරෝධයක්


(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 'ඔන්ලයින්' පනත් කෙටුම්පතට  විරෝධය පළ කරමින් වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

මහජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට සීමා පනවමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය සාමූහිකව පරාජය කළ යුතු යැයි එම ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වෙයි.

වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු හනා ඊබ්‍රහිම් මහත්වරුන්ගේ අත්සනින් යුතු එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මහජන පීඩාකාරී පනත් කෙටුම්පත් සම්මත කරගැනීමේ අරමුණ ඉදිරි මැතිවරණ කෙසේ හෝ ජය ගැනීමේ ඉලක්ක  ක්‍රියාවට නැංවීම බවයි.