(සුජිත් හේවාජුලිගේ)
මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබන දරුවන්ට දුරකතන පාවිච්චිය සඳහා අවශ්‍ය කෙරෙන සංඥා පහසුකම් (DATA) සඳහා කිසියම් හෝ අනුග්‍රහයක් දක්වන්නැයි ගුරුවරු හා මව්පියෝ රජයෙන් ඉල්ලීමක් කරති.
ජංගම දුරකථන සමාගම් සමඟ සාකච්ඡා කර ඒ සඳහා වැඩපිළිවෙළක් යොදන ලෙසටද ඔවුහු ඉල්ලා සිටිති.
කොරෝනා වසංගත තත්වය සමග මතුවී ඇති ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මවුපියන් බොහෝ පිරිසකට සංඥා පහසුකම් සඳහා මුදල් වැය කිරීමට අපහසුතා මතු වී තිබෙන බව අධ්‍යාපන නිලධාරීහු පෙන්වා දෙති.

