ඔන්ලයින් පනතට හසුවන දේවල් මෙන්න


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඔන්ලයින් පනත මගින් ආවරණය කරන්නේ සමාජ මාධ්‍ය භාවිත කොට වංචා කිරීම්,අන්‍යයකු සේ පෙනී සිටිමින් වංචා කිරීම ඇතුළු මුලික කරුණු නවයක් සම්බන්ධයෙන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

කැරැල්ලක් ඇතිවන අයුරින් අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම,ළමා අපචාර ,කාන්තා හිංසනය,ආගමික සහජීවනයට බාධා කිරීම,අසත්‍ය ප්‍රචාර සිදු කිරීම මගින් ජාතික ආරක්ෂාවට නීතිය හා සාමයට ආර්ථිකයට තර්ජනයක් වන විට ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම, ආගමික හා සංස්කෘතික ගැටුම් නිර්මාණය වීම යන කරුණු ද ඔන්ලයින් පනත මගින් ආවරණය කෙරෙන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔන්ලයින් පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අරඹමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසූයේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් යෝජනාද සමඟ නව පනත සම්මත කර සිවිල් සංවිධාන නියෝජිතයන් විවිධ සිවිල් සංවිධාන දුන් අලුත් චෝදනා ද ඊළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ගැසට් කරන බවයි.