(රෝෂන් තුෂාර)
ජනතා මුදල් එක්රැස් කර රුපියල් කෝටි 2000 අධික මුදල් වංචා කළේ යැයි කියන ඔන්මැක්ස් ඩි ටි නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ දෙවන පෙළ හා තුන්වෙනි පෙළ නායකයන් 212 ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට විමර්ශන සිදු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.
දැනට අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබා සිටින ඔන්මැක්ස් අධ්‍යක්ෂක මණ්ඩල සැකකරුවන්ට අමතරව මෙම දෙවනපෙල හා තුන්වෙනි පෙළ සැකකරුවන් හඳුනාගෙන ඇතිි බවත්,ඔවුන්ගේ නම්, ගම්, විස්තර ඇතුළු පුද්ගලික තොරතුරු තැන්පත්කරුවන් විසින් නීතිපතිවරයාට යොමු කර ඇති බවත් එම ලේඛන ඔස්සේ සැකකරුවන් අනාවරණය කර ඉදිරි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් පැවසීය.
ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ සැකකාර අධ්‍යක්ෂකවරුන්ට එරෙහි විමර්ශනය කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය මෙම කරුණු ඉදිරිපත් කළේය.