එළවලු මිල පහ‍ළට


(කාංචන කුමාර ආරියදාස)

පසු  ගිය සතියට සාපේක්ෂව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පෙන්වා දෙති.

ඒ අනුව විසි දෙක දින අලුයම වන විට සැලකිය යුතු ප්‍රමාණයෙන් එළවළු මිල පහත වැටී ඇතත් ඒවා මිලදී ගැනීම සඳහා තවමත්  වෙළෙන්දන් ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය කියයි.

එළවළු මිලදී ගැනීම අවම විමත් සමඟ සීග්‍රයෙන් ඉහළ ගිය සියළුම එළවළු වර්ග මිල පහත වැටී තිබේ.

 ජනවාරි මාසයේ 17 දින පැවති මිල සහ 22  උදෑසන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පැවැති  එළවළු කිලෝ එකක තොග මිල  මෙසේ  සඳහන් කිරීමටහැකි වී තිබේ.

වර්ගය   ජනවාරි 17 දිනය පැවති මිල     

ජනවාරි 22 දින උදෑසන පැවති මිල

ගෝවා         

640  - 650                     

  350 - 380
ලීක්ස් 600  - 700                       

  250 - 300

කැරට් 

1700 - 2500  

 600 - 900
 තක්කාලි    

200  - 300              

 350 - 400
රාබු 

90   - 100  

 70  - 80
කැකිරි

80  - 110   

100 - 110
 පිපිඤ්ඤා     

70  -75  

60 - 65
 වැටකොලු     300  - 320

300  - 320

බණ්ඩක්කා 290  - 300

250 - 300

පතෝල         

250 -300

250 - 300  
 කරවිල         

400 - 450

300  - 350 
 ‘වට්ටක්කා     100  - 130

90  - 100

වම්බටු                              

 380  - 400    400 - 480

එල බටු                            

380  - 400      400  - 450       

දඹල                             

300 -  320         320 - 350

මෑ කරල්                           

300 - 350     250 - 300

දෙහි                         

 120  - 130         130  - 150

අමු මිරි ස්                  

 1000 - 1100      500 - 600

මාළු මිරිස්                       

1000- 1200     700-750