(නිමල කොඩිතුවක්කු)
නව රජයේ ඇමතිධූර බාරගැනීමේ කිසිදු සූදානමක් නොමැති බවත් පසු පෙළ මන්ත‍්‍රීවරුන් ලෙස කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී දිසානායක මහතා කොළඹදී අද (01) පැවසීය.
ශක්තිමත් රජයක් බිහිකිරීම සඳහා ඇමතිධූර ප‍්‍රතික්ෂේප කර සිටීමට තමන් ඇතුලු පිරිසක් ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
පුංචි බොරැල්ල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවැසීය.

