එතෙර රැකියාවලට යන අයට හෙට සිට එන්නත්


(නිමන්ති රණසිංහ)

විදේශ රැකියා සඳහා විදේශ ගතවීමට සූදානමින් සිටින අය සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම හෙට (07) සිට ආරම්භ කෙරෙන  බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .

යුද හමුදා රෝහලේදී මෙම එන්නත් ලබාදීම සිදු කරන බව සඳහන් කළ යුද හමුදාපතිවරයා විදේශ සේවා නියුකත්ති කාර්යාංශය ලබාදී ඇති ලේඛණ ඉදිරිපත් කිරීමේ පසු තමාට හිමි එන්නත ලබාගත හැකි බවද කීය .