එක්සත් රාජධානියේ කොරෝනා වලින් මිය ගිය ගණන 30,000 ඉක්මවා යයි


නව කොරෝනා වයිරසයහෙවත් කොවිඩ්-19’ වසංගතයෙන් එක්සත් රාජධානියේ මියගිය ගණන 30,000 ඉක්මවා ගොස් ඇත.

යුරෝපයේ රටකින් වාර්තා වන වැඩිම කොරෝනා මරණ ගණන එයයි.
 
අප්‍රේල් 24 වැනිදා වනවිට එංගලන්තයෙන් සහ වේල්සයෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 29,648ක් යැයි ජාතික සංඛ්‍යාදත්ත පිළිබඳ කාර්යාලය නිවේදනය කළේය.
 
ස්කොට්ලන්තයෙන් සහ උතුරු අයර්ලන්තයෙන් වාර්තා වන මරණ ද සමඟ එක්සත් රාජධානියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 30,000 ඉක්මවා ඇතැයි නිල සංඛ්‍යා දත්ත වාර්තා කරයි.
 
කෙසේ නමුත් මරණ වාර්තා වීමේ දෝෂ හේතුවෙන් වාර්තා වී ඇති මරණවල වෙනස්කම් ඇත.
 
අද (5) පස්වරුව වනවිට ඉතාලියෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 29,079ක් ලෙස සටහන්ව තිබිණි. ස්පාඤ්ඤයෙන් මරණ 25,428ක් ද ප්‍රංශයෙන් මරණ 25,201ක් ද වාර්තා විය.
 
ජර්මනියෙන් වාර්තා වන ‘කොවිඩ්-19’ ආසාදිත මරණ ගණන 6,993ක් විය.
 
අල්ජසීරා

 

(055)