(හර්ෂණ තුෂාර සිල්වා)
කතානායකවරයා සමඟ සාකච්ඡා කර කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවධාරණය කරන බව එක්සත් රාජධානියේ ආසියානු සහ ශාන්තිකර කටයුතු පිළිබඳ අමාත්‍ය මාර්ක් ෆීල්ඞ් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමෙන් පසු එක්සත් රාජධානිය මෙරට දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය විය.
එක්සත් රාජධානියේ ආසියානු සහ ශාන්තිකර කටයුතු පිළිබඳ අමාත්‍ය මාර්ක් ෆීල්ඞ් මහතා නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
“ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය මම සමීපව නිරීක්ෂණය කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවත්වාගෙන යන ලෙසත් අදාළ දේශපාලන හා නෛතික ක්‍රියාවලියට අනුව කටයුතු කරන ලෙසත් මම සියලු පාර්ශ්ව වලින් නැවත වරක් ඉල්ලා සිටිනවා.
කතානායකවරයා සමඟ කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි මම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවධාරණය කරනවා. එමගින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ ශ්‍රී ලංකා ජනතාවගේ නියෝජිතයන්ට ඔවුන්ගේ හඬ නැගීමට අවස්ථාව ලැබෙනවා.
එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ මිත්‍රයකු ලෙස ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් , ශ්‍රී ලංකා රජය සහ එරට ජනතාව සමඟ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ ප්‍රතිසන්ධාන කටයුතුවලදී සහයෝගයෙන් කටයුතු කරන බව ද කිව යුතුය”.

