එංගලන්ත - ඕස්ට්‍රේලියා තරගයත් වැස්සට සේදෙයි


(දමින්ද විජේසූරිය) 

මෙල්බර්න් ක්‍රීඩාංගණයට දිගින් දිගටම ඇදහැළෙමින් පැවැති වර්ෂාව හේතුවෙන් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අද (28 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරගයත් සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදුවිය. 

පස්වරු 6.30 ට කාසියේ වාසිය උරගා බැලීමට නියමිතව තිබුණද, එය ප්‍රමාද කිරීමට ක්‍රිස් බ්‍රවුන් සහ ජොයෙල් විල්සන් විනිසුරුවරු දෙදෙනාත්, තරග තීරක රන්ජන් මඩුගල්ලේ මහතාත් තීරණය කළහ.

අවසන් වතාවට රාත්‍රී 8.45 ට ක්‍රීඩාංගණය පරීක්‍ෂා කළ විනිසුරුවරු තරගය අතහැර දැමීමට තීරණය කළහ. 

දෙපිලටම ප්‍රසාද ලකුණක් බැගින් බෙදී ගියේය. 

වැඩිදුර විස්තර සඳහා වෙත

පිවිසෙන්න