ඌවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අසනීප නිවාඩු දමා වර්ජනයකට සැරසේ


 

(එෆ්.අස්ලම්)

අතිකාල දීමනා නොගෙවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඌව පළාතේ රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 13,14 දෙදින අසනීප නිවාඩු දමා වර්ජනයක් සිදුකරන බව ඌව පළාත් සුවසේවා සංගමයේ ලේකම් ඉන්දික අසංග මහතා පැවසීය.

ඌව පළාත් සභාව යටතේ පවතින රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල 50කට ආසන්න ප්‍රමාණයක සේවයේ නියුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙම වර්ජනය සිදුකරන බවද  හෙතෙම කීය.

අප්‍රේල් මාසයේ ගෙවීම් සිදුනොකළ අතීකාල දීමනාව නොගෙවීම,පසුගිය වසරේ අගෝස්තු මාසය සඳහා හිමිවිය යුතු මසක හිඟ වැටුප මේ දක්වා නොගෙවීම,  කොරෝනා වයිරස ව්‍යාප්ත වූ සමයේ ගෙවිය යුතු දීමනා නොගෙවීම,සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙත ගෙවිය යුතු ගමනා ගමන දීමනා නොගෙවීම යන හේතූන් මත වර්ජනය සිදුකරන බවද හෙතෙම කීය.

13 හෝ 14 වැනිදා ට ප්‍රථම මෙකී ගැටළුවලට විසදුම් ලබානොදෙන්නේ නම් සිය තීරණයේ කිසිදු වෙනසක් සිදුනොවනු ඇතැයිද හෙතෙම කියා සිටියේය‍.